BREAKING NEWS
Search

ඉකුත් 26 වනදා පාසල් ගිය සිසුවිය 29 වනදා දරුවෙකු බිහිකරයි

10657

හැටන් ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් නිවසේ දී දරු ප්‍රසූතියක් සිදුකිරීම සම්බන්ධව පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

එම පාසල් සිසුවියගේ පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන තිබේ.

අදාළ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි එස්.ගජෙන්ද්‍රන් නැමති 21 හැවිරිදි තරුණයෙකි.

අදාළ පාසල් සිසුවිය ඉකුත් මස 26 වනදා ද පාසලට ගොස් ඇති බවත් 29 වනදා ඇය නිවසේදී දරු ප්‍රසූතිය සිදුකර ඇති බවත් අනාවරණය වී තිබුණි.

දරු ප්‍රසූතිය සිදුකළ පාසල් සිසුවියගෙන් සහ ඇයගේ දෙමව්පියන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ එම තොරතුරු අනාවරණය වී තිබේ.

හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

දරු ප්‍රසූතිය සිදුකළ පාසල් සිසුවිය සහ ඇය විසින් බිහිකළ බිළිඳා මේ වනවිට දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Ada derana