ඇෆ්ගනිස්තාන තරගාවලියෙන් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ඉවතට

ByPasindu

Jan 12, 2023

ලබන මාර්තු මාසයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ වත්මන් තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට සලකන ආකාරය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ඇෆ්ඝනිස්ථානයේ සත්කාරකත්වය යටතේයි.

2021 වසරේදීත් ඇෆ්ඝනිස්ථානය සමග පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලියකින් ඉවත්වීමට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.

දෙපාර්ශවය අතර අවසන් වරට මුහුණට මුහුණ ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ පසුගිය පන්දුවාර 20 ලෝක කුසලානයේදීයි.