BREAKING NEWS
Search

ඇස්ට්‍රසෙනිකා එන්නත ගැන සමාජ මාධ්‍යයේ බොරු ප්‍රචාර ගෙනගිය අසේල සම්පත්ට ඊයේ රෑ වැඩ වරදියි

289

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල,පැලන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මෙරට ලබාදෙන ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.