ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු පළා යයි

246

ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු රෝහල් වාට්ටුවෙන් පැන ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

කොළඹ,වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු කිසියම් රෝගාබාධයක් සදහා ඌරගස්මන්හංදිය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇල්පිටිය මූලික රෝහලට මාරුකර එහි ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ඔහුගේ පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකර ඇති අතර එම පරීක්ෂණ වාර්තාව ලැබී තිබේ.

ඒ අනුව ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති අතර ඒ වනවිට මෙම රෝගියා රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල් බලධාරීන් මේ පිළිබදව ඇල්පිටිය පොලිසියටද පැමිණිලි කර තිබේ.

(චන්ද්‍රසිරි ගුණසේකර)