BREAKING NEWS
Search

ඇල්පිටියේ සිසුවියක ඇතුළු 13 කට පොසිටිව්

287

ඇල්පිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක ඇතුළු 13 දෙනකුට කොරෝනා ආසාදිත බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයි ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය පවසයි.

අම්බලන්ගොඩ ප්‍රසිද්ධ විද්‍යාලයක අට වසරේ ඉගෙනුම ලබන එම ශිෂ්‍යාව ඇල්පිටිය පූජ්‍ය ගල්ලෙන ප්‍රදේශයේ පදිංචි අයකු බව ද සෞඛ්‍ය කාර්යාලය පවසයි.

දැනට හමුවී ඇති අනෙක් රෝගීන් ඉඳිගහවිල, කහදූව,කහදණ්ඩා ඇල,ඇල්පිටිය,කිඹුලාවල,පූජ්‍ය ගල්ලෙන නගර සභා මාවත හා ඉගල සරණංකර මාවත යන ප්‍රදේශවල පදිංචි බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

(ඇල්පිටිය – චන්ද්‍රසිරි ගුණසේකර)