BREAKING NEWS
Search

ඇඹුල්දෙණියගෙන් බිඳ හෙළීමට අපහසුම ලෝක වාර්තාවක්.

1564

ශ්‍රී ලංකාවෙන් බිහිකළ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්ගේ සමුගැන්මෙන් පසු දඟ පන්දුවට බලාපොරොත්තුවක් එක් කළ ලසිත් ඇඹුල්දෙණිය…

එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහු තවත් ලෝක වාර්තාවකට හිමිකම් කීය.
ඒ ටෙස්ට් තරඟාවලියක් තුළ ප්‍රතිවාදී පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 10 ට අඩුවෙන් අවස්ථා 3 කදී දවාගත් පන්දු යවන්නා ලෙසයි.

විශේෂත්වය වනුයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අද වනතුරු එවැනි දස්කමක් දක්වා ඇත්තේ පන්දු යවන්නන් දෙදෙනෙකු වීමයි.
1. මැල්කම් මාර්ෂ් 1983 වසරේදී
ඉන්දියාවට එරෙහිව

2. ලසිත් ඇඹුල්දෙණිය 2021 වසරේදී
එංගලන්තයට එරෙහිව

පළමු තරඟයේ පළමු ඉනිමේදී –
ඩොම් සිබ්ලි – 4(15)
සැක් ක්‍රැවුලි – 9(26)

පළමු තරඟයේ දෙවන ඉනිමේදී –
ඩොම් සිබ්ලි – 2(5)
සැක් ක්‍රැවුලි – 8(21)

දෙවන තරඟයේ පළමු ඉනිමේදී –
ඩොම් සිබ්ලි – 0(14)
සැක් ක්‍රැවුලි – 5(24)