ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණය හෙට

350

ලබන 13 වනදායින් පසු පවත්නා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී සළකා බැලීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10 ට කොවිඩ් කාර්යසාධක බලකාය රැස්වනවා.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ කළ නිර්දේශ වලට අනුව නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වනදායි.