නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 වන අඟහරුවාදා අලුයම 4 දක්වා යළි දීර්ඝ කෙරුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදීයි මෙම තීරණයට එළඹුනේ.
පවත්නා කොරෝනා ව්‍යාප්තිය පිළිබද විශේෂ අවධානය යොමු කර දීර්ඝ සාකච්ඡාවකින් පසුව නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 අලුයම 4 දක්වා යළි දීර්ඝ කිරීමට මෙසේ තීරණය කර තිබෙනවා.