ඇන්ජලෝ මැතිව්ස් කරන්න යන වටිනා වැඩේට සහයෝගයක් දෙන්න අපි හැමෝටම අවස්ථාවක්

381

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් වටිනා වැඩසටහනකට සියලු දෙනාගේම සහයෝගය බාලාපොරොත්තු වනවා. ඒ අපේ රටේ හදවත් රෝග වලින් පෙළෙන අපේම ශ්‍රී ලංකික දරුදැරියන්ගේ හදවත් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සදහා රිජ්වෙ ආර්යා ළමා රෝහලේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු නිම කරගැනීමට සහයක් වීමට.


“ළමයි තමයි අපේ රටේ අනාගතය. අපට පුලුවන් හැමදේම කරලා ඒ අයගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ. මම මගෙ දුවත් සමගින් පසුගියදා රිජ්වෙ ආර්යා ළමා රෝහලට ගියා. එම රෝහලෙන් ලබා දෙන සේවය මට හිතාගන්න බැරි වුනා. ඒ තරම් ව්ශිෂ්ඨ සේවයක් ඒක. වෛද්‍යවරුන් හෙදියන් ඇතුලු සියලුම දෙනා අතිව්ශිෂ්ඨ සේවයක් ලබා දෙනවා. මමත් ඒ මොහොතේදී හිතා ගත්තා මේ රෝහල වෙනුවෙන් උදව් කරනවා කියලා. ලිට්ල් හාර්ට් කියන ප්‍රොජෙක්ට් එක යටතේ දරුවන්ගේ හදවත සම්බන්ධ විශේෂ සංකුලතා පිළිබද ප්‍රතිකාර කරන්න විශේෂ මධ්‍යස්ථානයක් හදාගෙන යනවා.

ඒකට බ්ලියන දෙකක මුදලක් ඕනේ. දැන් ම්ලියන 750 ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මම ඉතුරු සල්ලි ට්ක හොයා ගන්න කැම්පේන් එකක් කරනවා. ලංකාවේ කිසිදු දරුවෙකුට භේදයකින් තොරව සේවය කරන අතිදක්ශ පිරිසක් එතන සේවය කරනවා. මේකේ ඉදිකිරීම් කරන්නෙ නාවික හමුදාව. ඒක කුමාර් අයියා ඉදිරිපත් වෙලා කරපු දෙයක්. මම දන්නවා මේ කාලය හැමොටම අමාරු කාලයක් කියලා. කෙනෙක්ට උදව් කරන්න පුලුවන් රුපියලකින් නම් ඒ දෙය කරන්න. සම්පුර්ණ සල්ලි ලැබෙනකම් අපි ඉන්නෙ නැහැ. එකතු වෙන එකතු වෙන සල්ලි වලින් අපි මේක කරගෙන යනවා.” ඇන්ජලෝ මැතිව්ස්

මේ වගේ මානුශිය වැඩකට පුලුවන් හැමොම උදව් කරමු. තවත් දරුවෙක් නීරෝගීව ජිවත් කරවන්න උදව් කරමු. ඒක ගොඩක් ලොකු පිනක්…