ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන නියෝජිතයින් 14 දෙනෙකු ඇතුළත් ජාතික ක්‍රිඩා සභාවේ නිලධාරින් පසුගියදා පත් කෙරුණා.
මෙම සභාවේ පළමු හමුවෙන් අනතුරුව ඊට එක් වූවන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පල කරා.
එහිදී පසුගිය දිනවල සංගක්කාර ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් එල්ල වූ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.
ඊට කුමාර් සංගක්කාර දුන් පිළිතුරු වූයේ ඇග බේරගන්න ඕනෙ නම් හඩක් නගන්න ඕනෙ නෑනේ යනුවෙනි.