BREAKING NEWS
Search

ආසන 10ට වැඩි නම් මඟී ප්‍රවා­හන බල­ප­ත්‍ර­යක්

199

ආසන 10ට වඩා මඟීන් ප්‍රවා­හ­නය කරනු ලබන සිය­ලුම වෑන් රථ,බස් රථ ඇතුළු මෝටර් වාහන සඳහා අනි­වා­ර්යෙන්ම මඟී ප්‍රවා­හන බල­ප­ත්‍ර­යක් ලබා ගත යුතු බවට තීර­ණය කර ඇතැයි වාහන නියා­ම­නය,බස් රථ ප්‍රවා­හන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමු­ණු­ගම

ඒ අනුව පොදු මඟී ප්‍රවා­හන බස් රථ,කාර්යාල සේවක ප්‍රවා­හන බස් රථ ඇතුළු අනෙ­කුත් සේවා බස් රථ හා පාසල් වෑන් රථ ඇතුළු අනෙ­කුත් සියලු මඟී ප්‍රවා­හන සේවා වෑන් රථ රියැ­දු­රන් අනි­වා­ර්යෙන්ම මේ විශේෂ මඟී ප්‍රවා­හන බල­ප­ත්‍රය ලබා ගත යුතු බව ඇමැ­ති­ව­රයා කීවේය.සති 3ක පුහු­ණු­ව­කින් පසුව ස්ථාන භාර පුහුණු නිල­ධා­රීන් විසින් අදාළ රියැ­දුරා මඟී ප්‍රවා­හ­න­යට සුදුසු බවට නිර්දේශ කිරී­මෙන් පසුව ජාතික ගම­නා­ග­මන කොමි­සම විසින් අදාළ මඟී ප්‍රවා­හන රියැ­දුරු බල­ප­ත්‍රය ලබා දෙනු ඇත.

තාරක වික්‍ර­ම­සේ­කර (සිළු­මි­ණ)