ආරක්ෂාවට සවිකළ කැමරා සියල්ල ගලවා දමයි – කැලණිය ශිෂ්‍ය සංගමයට පිස්සුද හැටිද?

178

අපේ රටේ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවද ඔවුන්ගෙන් සරසවි වරම් ලබන්නේ සීමිත පිරිසකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඒ සුළු පිරිස පිළිබඳව මහජනයා සිතා සිටින්නේ රටේ උගත් බුද්ධිමත් පිරිසක් කියාය. නමුත් එසේ සිතීම කොතරම් දුරට සාධාරණද කියා සිටින්නේ සමහර ශිෂ්‍ය සංගම් සිදු කරන මෝඩ තකතීරු වැඩ නිසාය.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක කැමරා පද්ධතිය ගලවා දමා විනාශ කොට ඇත. එයට හේතුව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂාව පවත්වාගැනීම මුවාවෙන් සිසුන් මර්දනය කිරීම කිරීම බවයි ඔවුන් පවසන්නේ. නමුත් ඇත්ත කතාව නම් ශිෂ්‍ය සංගම් කියමින් දේශපාලන කණ්ඩායම් වල න්‍යාය පත්‍රවලට අනුව නටන සමහරක්ගේ ක්‍රියාකාරකම් හෙළි වීම මෙයට හේතුව බව බහුතර සිසුන්ම කියා සිටි.

මෙවන් කාලකන්නි කණ්ඩායම් නිසා සමස්ත සිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති නොකර වහාම යලි ආරක්ෂක කැමරා සවි කිරමට බලධාරීන් පියවර ගත යුතුය.