ආයතනවලට කඩා පැනලා රටේ රාජ්‍ය සේවය හදන්න බැහැ -අනුර කුමාර කියයි

713

රාජ්‍ය සේවය විධිමත් හා කාර්යක්ෂම කළ හැක්කේ ජනපති සතියකට වතාවක් ආයතනවලට කඩා පැනීමෙන් නොව එම ආයතනවල ගැටලුවලට විධිමත් විසඳුම් දීමෙන් පමණක් බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
පවසයි.

අපරටේ කීර්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් පැවතුණු නමුත් අද රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවට ඇත්තේ ක්යහපත් ආකල්පයක් නොවන බව ඒ මහතා සඳහන් කළේය.

ඊට හේතුව ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රාජ්‍යසේවය මෙවැනි ආකාරයට පත්වීමට ප්‍රධාන හේතු දෙකක් පවතින අතර පළමුවැන්න බඳවා ගැනීම්,උසස් කිරීම් දේශපාලනීකරණය වීමත් දෙවැන්න රාජ්‍ය සේවය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දීමට පැවැති හා පවතින ආණ්ඩු අසමත් වීමත් බවයි.

එහෙයින්,රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් මුදාලීම හා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම මේ මොහොතේ පටන් හෝ ආරම්භ කළහොත් රටේ රාජ්‍ය සේවාව ගැන යහපත් අපේක්ෂාව තැබිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය

Source -Mawubima