ආබාධයකට ලක් නොවී IPL යන්න ඕනෑ නිසා උපරිමය නොදුන් ක්‍රීඩකයන් දෙදෙනා ගැන පරීක්ෂණයක්..!

4458

රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිමාවූ T20 තරගාවලිය මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි අර්බුධයක් ඇතිකර තිබෙනවා.

තරගාවලියේ ක්‍රීඩකයන් දෙදෙනෙකු තරගාවලිය තුළ ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් ඇතිව තිබෙනා අර්බුධයකි. The Morning, මවුබිම ඇතුලු මුද්‍රිත මාධ්‍ය වාර්තා කර හිතාමතාම දස්කම් නොදැක්වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු පිළිබඳව කණ්ඩායමේ පුහුණුකරුවන් තේරීම් කමිටුවට පැමිණිලි කර ඇති බවයි.

ඒ හේතුවෙන් තේරීම් කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුනා.

මේ අතර රජයේ පුවත්පතක් වන දිණමින පුවත්පත ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් අද පළ කර තිබුනේ අන්තර්ජාතික මට්ටමේ විශාල මුදලක් ගෙවන ප්‍රිමීයර් ලීග් විස්සයි20 තරගාවලියකට යෑමට අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයකු ආබාධයට ලක් නොවී වැඩි පරිස්සමෙන් ක්‍රීඩා කිරීමට යෑම හේතුවෙන් තවත් ගැටලුවක් නිර්මාණය වූ බවයි.

වෙනත් තරගවලදී එස්ට්‍රා කවර් හා කවර් පොයින්ට් යන ඉතා කාර්ය බහුල ස්ථානවල පන්දු රකින මේ ක්‍රීඩකයා, පසුගිය තරගයේදී මිඩ් ඕෆ් හා මිඩ් ඕන් යන ස්ථානවල හා හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමට අවස්ථාව ඉල්ලා සිටි හෙයින් ඔහුගේ උපරිමය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලබා ගැනීමේ අපහසුතා පැන නැගුනා යැයිද දිණමින පුවත්පත වාර්තා කර සිටිනවා.

මේ සඳහා මේ ක්‍රීඩකයා පන්දු රැකීමේදී ආබාධයකට ලක් වුවහොත් මේ ප්‍රිමීයර් ලීග් තරගාවලිය අහිමි වේ යැයි බියෙන් කටයුතු කිරීම බවත් පුවත්පතේ සඳහන්ව තිබේ.

දිනමිණ වාර්තාව පහතින්,