ආනවිලුන්දාව අභය භූමියේ ඉස්සන් කොටු සෑදීමට ගිය ව්‍යාපාරිකයා අත්අඩංගුවට

201

පුත්තලම ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් අනවසරයෙන් එළිපෙහෙලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල රක්ෂිත භූමි ප්‍රදේශය ඩෝසර් කර ඉස්සන් කොටු සාදන ලෙස බැකෝ රථ රියදුරුට උපදෙස් දී ඇති ව්‍යාපාරිකයෙකු අද (29) උදෑසන ආරච්චිකට්ටුව පොලිසිය වෙත පැමිණ භාර වී ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු උඩප්පුව ප්‍රදේශයේ පදිිංචි වයස අවුරුදු 35 ක් වන ඉස්සන් ව්‍යාපාරිකයෙක්.

ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බැකෝ රථ රියදුරුට උපදෙස් දී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා විසින් බව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාම අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

මේ අතර ආනවිලුන්දාව අභයභූමිය තුල අනවසරයෙන් එළිපෙහෙලි කර ඇති පරිසර කළාපයේදී අද අපරාධ ස්ථාන පරික්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

හලාවත අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් විසින් එම පරික්ෂණය පවත්වන බවයි ආරච්චිකට්ටුව පොලිසිය සඳහන් කරා.