ආණ්ඩුව සමග හැප්පෙන්න රනිල් සියලු පක්ශ වලට ආරාධනා කරයි…

376

ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමඟ හැප්පිය යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජනබලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නවක මන්ත්‍රීවරුන් සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂමූලස්ථානයේ පැවති මන්ත්‍රී වැඩමුළුවක් අමතමිනුයි රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ.

මේ මොහොතේ එම ප්‍රධාන අරමුණ කරා යන ගමන පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් ඵලක් නොවන අතර එයින් වන්නේකාලය නාස්ති වීමක් පමණක් බවද වර්තමානයේ දී රට මුහුණ දී සිටින අභියෝග වලින් ජනතාව මුදාගැනීමට නම් සියලු බලවේගසහ ජන කොටස් ඒකරාශී කර ගනිමින් ජයග්‍රහණය කරා යායුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.