දුර්වලතා නිසා කොරොනා දෙවෙනි රැල්ලත් ඇරඹුනා -සජිත්

256

අද වන විට රට තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ආරම්භ වී ඇතැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මීට හේතුව අන් කිසිවක් නොව වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත යයිද ඔහු සඳහන් කළේය.

වත්මන් රජය අකාර්යක්ෂම සහ දුර්වල පාලනය නිසා අකාර්යක්ෂමතාව නිසා කොරෝනා දෙවන රැල්ල නිර්මාණ වූයේ යැයිද ඔහු පැවසීය.

මහමැතිවරණය තැබීමට පෙර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවට පැමිණෙන්නැයි තමන් විසින් කරන දෙන ලද උපදෙස් නොතකා රජය විසින් මේ අදුරදර්ෂි කටයුත්ත සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ අකුරැස්සේ දී පැවති ජන හමුවක් අමතමිනි.