අසලංක ගැන ජයසුරියගෙන් සහතිකයක්

4777

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (2) පැවති එක්දින තරඟයේදී ලකුණු අතරට පැමිණි නවක පිතිකරු චරිත් අසලංක පිලිබඳ ශ්‍රී ලංකාවේ හිටපු නායකයකු සහ ආරම්භක පිතිකරුවකු වූ සනත් ජයසුරිය සිය අදහස් දක්වා තිබෙනවා.

ජයසුරිය එහිදී පවසා තිබෙන්නේ අසලංක යනු ලොකු හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් බවයි.කණ්ඩායමේ අංක 5 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව පවසන ජයසුරිය එම ස්ථානයේ පන්දුවට පහරදෙනවිට ඒ ඒ අවස්ථාවන්වලට ගැලපෙන ආකාරයට පන්දුවට පහරදිය යුතු බව පවසයි. අසලංක සතුව එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට හැකියාව ඔහු සතුව තිබෙන බව ජයසුරියගේ අදහසයි.

අසලංකට ඉතා හොඳ අනාගතයක් තිබෙන බව පවසන ජයසුරිය ඔහුව ආරක්ෂා කරගත යුතු ක්‍රීඩකයෙක් බව පවසා තිබේ. කොපමණ ලකුණු ගණනක් ලබාගත්තත් එය ඔහුට ප්‍රමාණවත් නැති බව ඔහුට දැනිය යුතු බවත් ජයසුරිය පවසා තිබේ.

අසලංකට අංක 3,4 සහ 5 යන ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමට හැකි ක්‍රීඩකයෙක් බවත් ජයසුරිය පවසා තිබේ.

අසලංක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා කොට ශ්‍රී ලංකා වයස 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා නැගී එන සහ A කණ්ඩායම් ද නියෝජනය කොට තිබේ.