අවුරුදු 13ක දැරියක් දරුවෙකු බිහිකරයි.පියාට අවුරුදු 10යි

181

වයස අවුරුදු 13ක් වූ ඩාරියා සුඩ්නිෂ්නිකෝවා (Darya Sudnishnikova) නම් දැරියක් ඇගේ පෙම්වතා වන 10 හැවිරිදි අයිවන් විසින් ගැබ්ගෙන ඇති බව පැවසීමෙන් පසු ඇය ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මෙම දැරිය අයිවන් අතින් තමා අතවරයට ලක් වූ බව පැවසීම සමාජ මාධ්‍ය තුළ කම්පන සහගත ප්‍රවෘත්තියක් බවට පත් වී ඇත.

දැරිය සිය දරු ප්‍රසූතිය පිළිබඳ ප්‍රවෘත්තිය මිතුරන් 350000ට වැඩි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ මෙසේ බෙදා ගෙන තිබේ.

ඒ මීට ටික වේලාවකට පෙර තමා “භීතියට” පත් වූ බවත් ඉන්පසු ඇය “දැඩි” දරු ප්‍රසූතියක් සිදු කළ බවත් පවසමිනි.

වෛද්‍යවරුන්ට විවේක ගැනීමට නියම කළ බවත් ඇය සඳහන් කර ඇත.

“මම උදේ 10ට ගැහැණු ළමයෙක් බිහි කළා.ඒක අමාරුයි,මම හැම දෙයක්ම පසුව කියන්නම්,මට දැන් විවේකය අවශ්‍යයයි.”ඇය සමාජ මාධ්‍ය වෙත පවසා ඇත.

ඇගේ ගර්භනීභාවය පිළිබඳ සටහන් තබමින් ඇය අන්තර්ජාලය ඔස්සේ අනුගාමිකයන් දහස් ගණනක් රැස් කර ඇත.

ඇය මීට පෙර රුසියානු රූපවාහිනියේ ඇගේ පූර්ව යොවුන් වියේ පෙම්වතා සමඟ පෙනී සිට ඇති අතර කනගාටුවට කරුණක් නම්,ඩාරියා මෑතක දී පවසා සිටියේ තම දරුවාගේ සැබෑ පියා තමා අතවරය කළ බවයි.

පොලිසිය මෙම නඩුව විභාග කරමින් සිටින අතර අලුත උපන් දැරියගෙන් ඩීඑන්ඒ සාම්පලයක් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.