රටම බලාසිටින ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරඟයේ අද සිදුවන වෙනස්කම්

487

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග අද පැවැත්වෙන 02 වන පන්දුවාර 20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් හෝ 03 ක් සිදුවනු ඇතැයි වාර්තා වනවා.කුසල් ජනිත් පෙරේරා අද තරගයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.ඔහු අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට අද තරගය සඳහා කැඳවනු ඇති බව වාර්තා වනවා.

භානුක රාජපක්ෂට අද තරගයේදී ලකුණු අතරට පිවිසීමට තවත් අවස්ථාවක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.ඒ අනුව අද තරගයේදී කුසල් ජනිත් සමගින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

එමෙන්ම අකිල ධනංජය වෙනුවට අද තරගය සඳහා දග පන්දු යවන්නෙකු හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කැඳවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.