අවිවාහක තරුණියක් ගෙවත්තේ මල් පාත්තියේ වළ දැමු බිලිදා

193

අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි (01) දින නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ගොඩගෙන තිබෙනවා.

නුවරඑළිය කැලේගාල පහල ගිබ්සන් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ මල් පාත්තියක වලලා තිබියදි එම කළලය ගොඩ ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

26 හැවිරිදි එම අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය මහ රෝහල වෙත ඊයේ (31) ඇතුලත් වී ඇති අතර,රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරීක්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට වෛද්‍යවරුන් විසින් නුවරඑළිය පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩගෙන තිබෙනවා.

ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑලිය පොලිසිය නියෝග කකළ බවද අප වාර්තාකරු සඳහන් කළා.

එම තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනිමට නුවරඑළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර,අදාල තරුණිය මේ වන විට නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.