BREAKING NEWS
Search

අවසන් මොහොතේදී චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

943

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පසුගියදා පත් කරනු ලැබූ ප්‍රවීන වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් මාර්තු මස 26 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටි.

ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා චමින්ද වාස් සහභාගී නොවනු ඇත.

ලොවපුරා මුහුණදී ඇති ආර්ථික වාතාවරණයක් තුල කිසිසේත්ම පිළිගත නොහැකි අයුරින් සිය පෞද්ගලික ආර්ථික වාසි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාරයක් සඳහා පිටත්ව යෑමට ආසන්නයේ සිටියදී ඉන් ඉවත්ව යෑම වගකීම් විරහිත කරුණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහ සහ රට වෙනුවෙන් චමින්ද වාස් ඉටුකළ සේවය සහ දැක්වූ දක්ෂතා ඉතා අගය කොට සලකනු ලබනවා.

එවැනි තත්ත්වයක් තුල චමින්ද වාස් වැනි ප්‍රවීන ක්‍රීඩකයෙකු ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායම දඩමීමා කර ගනිමින් අවසන් පැයේදී මෙලෙස ඉල්ලා අස්වීම කිසිසේත් අනුමත නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.