අවශ්‍ය වුනොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

171

ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

යුද හමුදාපතිවරයා පවසන්නේ පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියා

“දෙසැම්බර් නත්තල් සහ ඉන් පසුව තිබිච්ච දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ ජනවාරි පෙබරවාරි මාසවල.2020ට පෙර,අපි පුරුදු වෙලා තියෙන විදිහට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා.”යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.