අලුත් කොවිඩ් පොකුරක් අත ළඟ

389

බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කර පවත්වාගෙන යෑම මගින් විශාල කොරෝනා අවදානමක් මතුව තිබේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවේ ඇඳුම් කඩ සාප්පු වහාම වසා දැමීමට පියවර ගත යුතු බවයි.

කොවිඩ් අවදානම නොතකා කඩසාප්පු විවෘත කිරීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට දැනුම්දීමක් සිදුකර ඇත.