BREAKING NEWS
Search

අර්ජුන හිටියා නම් – කුසල්,නිරෝෂන්,ධනුෂ්ක ගෙදර ම තමයි…

413

96 ලෝක කුසලානය ජයග්‍ර‍හණය කිරීම සාමාන්‍ය තරගාවලි ජයග්‍ර‍හණයක් නෙමෙයි.එය විප්ලවයක්.ජාත්‍යන්තරික දේශපාලන බලපෑම්,කොටි හිතවාදී රටට එරෙහි කුමන්ත්‍ර‍ණ,ක්‍රීඩා පිටියේ කුඩම්මාගේ සැලකිලි ලෙසින් අනේක විධ අභියෝග මැද එම ජයග්‍ර‍හණය අත්පත් කර ගැනීම ඊට හේතුවක්. 96 ලෝක කුසලානය ජය ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ දේ තිබුණේ නැහැ.ඒත් සියල්ලට ම හරියන්න හොඳ විනයක් කණ්ඩායමේ තිබුණා.ඒ විනය ඇති කිරිමට පුරෝගාමී වුණේ කණ්ඩායම් නායක අර්ජුන රණතුංග.අපි අර්ජුන රණතුංගව හඳුන්වන්නේ කැප්ටන් කූල් කියලා.නමුත් අර්ජුන රණතුංග පිටියේදී කූල් නැහැ.ඒකට උදාහරණ කථා බොහෝමයක් තියෙනවා.මේ උදාහරණ කිහිපයක්..

රවීන්ද්‍ර‍ පුෂ්පකුමාර ඒ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටිය දඟම ක්‍රීඩකයා.වේග පන්දු යැවුව ම නෝබෝල් වැඩිපුර.ඒත් ඔහුට සුවිශේෂී හැකියාවන් තිබුණා.නෝබෝල් යවන විට අර්ජුන රවීන්ද්‍ර‍ පුෂ්පකුමාර ළඟට එනවා.ඇවිත් කරට අත දාගෙන ඔහුත් එක්ක කථා කර කර යනවා.ක්‍රීඩා ලෝලීන්ට පේන්නේ අර්ජුන ඉන්නේ හරිම සතුටින් කියලා.ඒත් රවීන්ද්‍ර‍ පුෂ්පකුමාරගේ නළලින් දාඩිය බේරනවා.ඒ අර්ජුන කියූ ” ඊළඟ තරගෙට සෙල්ලම් කරනව ද ? නැත්නම් ගෙදර ම යනව ද ?…” වගේ සැර කතාවක් නිසා.

එක් දවසක එක්දින තරගයකදි නුවන් සොයිසා එල්ලයකින් තොරව පන්දු යවද්දි අර්ජුන ඔහු ළගට ගියින් උපදෙස් දෙනවා.හිනා වෙවි.ඒත් නුවන් සොයිසා දිගින් දිගට ම එල්ලයකින් තොරව පන්දු යවනවා.ප්‍රතිවාදි පිතිකරුවා හතරේ පහරවල්වලින් ප්‍ර‍තිචාර දැක්වුව ම අර්ජුන රණතුංග නුවන් සොයිසා එක්ක ම ඇවිද යමින් උපදෙස් වගයක් දෙනවා.හිනා වෙවි. නමුත් කියලා තියෙන්නේ ” ඔය දෙන ලකුණු ටික ගහන්නෙ උඹගේ තාත්තා ඇවිත්ද ? ලෑස්ති වෙයං ඊළඟ ප්ලේන් එකේම ලංකාවට යන්න.”වගේ කථාවක්. නුවන් සොයිසා ඊළඟ පන්දුවේ ඉදන් ඉලක්කයට පන්දු යවනවා.

1994 නවසීලන්තය සමඟ තරගයක්.ඒ කාලේ සනත් කියන්නේ ලකුණු මැෂිම.ඒත් සනත් එක තැන උඩ යන පහරක් ගැහුවා.ලංකාවේ වාසනාවට උඩ පන්දු රකින්නට හැකි වුණේ නැහැ.අර්ජුන පැවිලියන් එකේ ඉඳන් සනත්ට පණිවිඩයක් එව්වා.” ගොං ෂොට් ගහලා අවුට් වෙලා මේ පැත්ත එන්න හිතන්නෙපා.එනවා නං සීයක් ගහලා ම එන්න…” වගේ සැර කථාවක් ඒ පණිවිඩයේ තිබුණා.

කණ්ඩායම පිටරට ගියාම අර්ජුන නවක ක්‍රීඩකයින් එක්කෙනා ජ්‍යේෂ්ඨයින්ට භාර දෙනවා.හැමෝ ම රෑ 11ට පෙර කාමරයට ඇවිත් නිදා ගන්න ඕන.සාප්පු සවාරි යාම,විනෝද වීම යනාදි සියල්ල කරන්නේ තනි තනිය ම නෙමෙයි.කණ්ඩායමක් විදියට.විවේක ලැබෙන මොහොතක කණ්ඩායමත් එක්ක අඩුපාඩු සාකච්ඡා කිරීම,තරග නැරඹීම කරනවා.

මේ වගේ ඕන තරම් උදාහරණ අර්ජුන හා කණ්ඩායමේ විනය හා බැඳී තියෙනවා.අර්ජුන කණ්ඩායම ගොඩ නැඟුවේ තාත්ත කෙනෙක් වගේ.වැඩිමහල් සහෝදරයෙක් වගේ.රැවුල කපලා,කොණ්ඩේ පීරලා රටේ අභිමානය රැකෙන අයුරින් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉන්න ඕන.කථා කරන විට පිළිවෙලකට කථා කරන්න ඕන.ඒත් අද ? මාලිංග කොණ්ඩ මෝස්තරයක් ගෙනාවා.ප්‍ර‍ශ්න අසන මාධ්‍යවේදීන්ට බැන වැදුණා.කුසල් ජනිත් පෙරේරාට වෙන ම කථන පාඩමක් තියන්න ඕන.මීටත් වඩා විනය පිරිහුණු අවස්ථා බොහෝමයි.නමුත් අර්ජුන රණතුංග වගේ නායකයෙක් හිටිය නම් විනය කඩන ක්‍රීඩකයින්ට ගෙදර ම යන්න වෙනවා.විශේෂයෙන් ම කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට ලංකාවට ඇවිත් යන්නේ වෙන්නේ ගෙදර ම තමයි..

– මව්රට