2022 වසරට අදාළ අයි.සී.සී සම්මානලාභීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කර අවසන්.
ඒ අනුව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ 20යි 20 ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටවලට අදාළව පිරි නැමූ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ විනිසුරු, අයි.සී.සී ජීව ගුණයට හිමි සම්මානය යන සම්මාන අයි.සී.සීය විසින් නිවේදනය කළා.
ඊට අමතරව වසරේ ටෙස්ට් කණ්ඩායම, වසරේ පිරිමි හා කාන්තා එක්දින කණ්ඩායම්, වසරේ පිරිමි හා කාන්තා 20යි 20 කණ්ඩායම් ද ප්‍රකාශයට පත් කෙරුණා.
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – බාබර් අසාම් (පාකිස්තානය)
වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (Rachael Heyhoe Flint Trophy) – Nat Sciver (එංගලන්තය)
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – බෙන් ස්ටොක්ස් (එංගලන්තය)
වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – Nat Sciver (එංගලන්තය)
වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – බාබර් අසාම් (පාකිස්තානය)
වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – Tahlia McGrath (ඔස්ට්‍රේලියාව)
වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා – සූර්යකුමාර් යාදව් (ඉන්දියාව)
වසරේ විනිසුරුවරයා (David Shepherd Trophy) – Richard Illingworth (එංගලන්තය)
වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව – රේනුකා සිං (ඉන්දියාව)
වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – මාර්කෝ ජන්සෙන් (දකුණු අප්‍රිකාව)
අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – Gerhard Erasmus (නැමීබියාව)
අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව – Esha Oza (එක්සත් අරාබි එමීර් රාජ්‍ය)
අයි.සී.සී ජීව ගුණයට හිමි සම්මානය – ආසිෆ් ෂෙයික් (නේපාලය) (තණතීරුවේ ඇද වැටුණු අයර්ලන්ත පිතිකරුවෙකු දුවද්දී දවා නොගැනීමට ගත් තීරණය)