අම්මලා නිසා සිරබත් කන දරුවන්ව නිදහස්කර ගන්න අගමැති සැරසෙයි

311

සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු පිළිබද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවුණා.

දරුවන්ට නිදහස ලබා දීමට අදාළ කටයුතු සොයා බලන ලෙසයි අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් ලබා දී තිබෙන්නේ.

ම…ත්ද්‍ර..ව්‍ය ජා..වාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවල සිටිනවා.

ගැබිණියන් ලෙස සිටින අතරතුරදී හා අලුත උපන් දරුවන් සිටියදී බන්ධනාගාර ගතවූ මව්වරුන්ගේ වයස 5 අඩු මෙම දරුවන් මව්වරුන් භාරයේ සිටින්නේ අධිකරණ නියෝග මතයි.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පිළිබද සියලු තොරතුරු රැස්කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.දරුවන්ට නිදහස ලබා දීමට අදාළ නීතිමය පසුබිම හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කඩිනමින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කලා.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා දීමට පියවර ගන්නා බවය.