BREAKING NEWS
Search

අපේ හැකියාව ජේෂ්ඨයින්ට තිබ්බෙ නෑ.එයාලට වඩා අපි දක්ෂ නිසයි අකැමත්තෙන් වුනත් අපිට තුන හතර ස්ථාන දීලා එයාලා පස්සට ගියේ – මහේල කියයි

2661

තමන් සහ කුමාර සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට පසුපෙලක් නිර්මාණය කල බවත් එම තරුණ ක්‍රීඩකයින් සමඟ ලෝක කුසලානය පවා ජයගත් බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

එමෙන්ම අතීතයේදී සිටි ජේෂ්ඨ ක්‍රීඩකයින් තමන්ට තුන් වෙනි සහ හතරවෙනි ස්ථාන ලබා දී ඔවුන් පසුපෙලට ක්‍රීඩා කිරීමට ගියේ ,එම ජේෂ්ඨයින්ට වඩා තමන් දක්ෂතා දැක්වූ නිසා බවයි මහේල කියා සිටින්නේ.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ සාකච්චාකට සහභාගී වෙමින්.

මීට පෙර මාධ්‍ය සාකච්චාවකදී හිටපු නායක අර්ජුන රණතුංග සඳහන් කලේ මහේල ජයවර්ධන ක්‍රීඩාවට අවතීර්ණ වූ මුල් යුගයේදී තම ස්ථානය ඔහුට ලබා දී තමා පසුපසට ගිය බවයි.

තමා එසේ කලේ අරවින්ද සහ තමා දෙපසින් ක්‍රීඩා කරන විට කිසිඳු පීඩනයකින් තොරව ක්‍රීඩා කිරිමට මහේලට අවස්ථාව ලබා දීමට බවයි අර්ජුන කියා සිටියේ.