අපේ රටේ නිවුන් දරුවන් පස්දෙනෙකු බිහිකළ වාසනාවන්ත සෙනෙහෙබර ගුරු මව්තුමිය (Photos)

560

දරුවෝ තරම් සම්පතක් මවකට පියෙකුට තවත් කොයින්ද. ඉතින් ඒ වගේම විවාහ වෙන යුවලක් පුංචි පැටියෙකුගේ කිරි සිනහව බලන්න ආසාවෙන් ඉන්න තරම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් දරු සම්පතක් බලාපොරොත්තු වුනත් දරුවන් පස් පස්දෙනෙකුම එක වරම මේ ලෝකයට පැමිණීම ඒ අම්මටයි තාත්තටයි කොයි තරම් සතුටක් ගෙන ගෙන දෙන කරුණක් ද? ඉතින් එවන් වාසනාවක් හිමිවූ ආදරණීය මවක් සහ පියෙකු ගැන අපට පසුගිය වසරේ අපේ රටෙන් අහන්න දකින්න ලැබුණා. කොහොම නමුත් ආර්ථික වශයෙන් සාමාන්‍ය පවුලක් මෙන්ම ලෝකයක් මුහුණ දෙන වසංගතයක් හමුවේ වුවත් බාදක රැසක් හමුවේ ඒවාට ශක්තිමත්ව මුහුණ දෙමින් මේ ආදරණීය යුවල ගැහැණු දරුවන් පස් දෙනෙකුම රැක බලා ගනිමින් ජීවිතය ගෙවනවා.

මේ සෙනෙහෙබර මව නමින් රසාංජලී වන අතර ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඇයගේ ආදරණීය සැමියා රැකියාව විදිහට වෙලදාම් කටයුතු තමයි කරන්නේ. මේ කාලයේ අපේ රටේ පවතින ගැටළු කාරී තත්වයන් නිසාම බොහෝ දෙනෙක් දරුවන් පස් දෙනෙක් කිවුවහම අනේ අපොයි කියලා කියමනට හරි කියනවා. ඉතින් එවන් මිනිසුන් අතර මේ දිරිය ගුරු මාතාව තීරණය කරනවා තමන්ගේ ළමයි පස් දෙනාව කොහොම හරි දුක්මහන්සියෙන් හදා ගන්නවා කියලා. මව් කිරි නොදී කෘතිම කිරිපිටි වලට තම පුංචි සිඟිති දරුවන් හුරු කරන කාලයක තමන්ගෙ ආදරණීය දරුවන් පස් දෙනාම වෙනුවෙන් පැය තුනක් හතරක් වැනි කාලයක් ගත කරමින් මව්කිරි ලබා දෙන්නත් මේ ගුරු මව බොහොම සෙනෙහසින් කටයුතු කරනවා.

වදාපු දරුවන් කුණු කූඩයට විසි කරලා ඉපදුනු ගමන් සිඟිති කිරිකැටි ජීවිත නැති කරන හිත් පිත් නැති මවුපියන් ජීවත් වන සමාජයක කොයිතරම් අගහිඟතා තිබුනත් ඇය දිරිය මාතාවක් ලෙස තම සැමියා සමග මේ ආදරණීය දරුවන් පස්දෙනා මේ වන විට ටිකෙන් ටිකඋස් මහත් කරගෙන ජීවිතයේ ඉදිරියට යනවා. මේ දරුවන් පස්දෙනා අතරින් එක් දරුවෙකුට උපතින්ම වකුගඩුනිසි ආකාරව වර්ධනය නොවීමේ රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ අතර ඔවුන් ඒ සඳහා ද ප්‍රතිකාර කිරීම සඳහා දිවා රෑ වෙහෙසනවා. පස්නිවුන් දරු සම්පත්තිය ලැබීමට තරම් භාග්‍යවත් වූ මේ සෙනෙහෙබර මාතාවට පුංචි පැටව් පස්දෙනාම නිරෝගී සෞඛ්‍ය සම්පන්න රටට වැඩදායි දරුවන් ලෙස ලෝකයට දායාද කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.