”අපි හිතන්නෙ අමාරුම කාලෙ පසු කළා කියලා” – ආරක්ෂක ලේකම්

200

වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාව වැඩි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ කලාකරුවන් ඇගයීම වෙනුවෙන් නාරාහේන්පිටදී පැවති කොළොම්තොට අභිනන්දන උත්සවයෙන් පසු මාධ්‍යට අදහස් පළ කරමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට අමාරුම කාලය පසු කළා යැයි සිතන බවයි.

ජනතාව ආරක්ෂිත ක්‍රමවේද පිළිපදින්නේ නම්, වෛරස පාලනය අභියෝගයක් නොවන බව ත් ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ සැලකිලිමත් නොවීම කනගාටුවට කරුණක් බවත් ආරක්ෂක ලේකම්වරයා එහිදී පැවසී ය.

ආරක්ෂක ලේකම්වවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සංවිධානය කර තිබුණේ, කොළඹ දිස්ත්‍රික් කලාකරුවන් ඇගයීම වෙනුවෙනි.

උත්සවයට සමගාමීව රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරින්දේපේමසිරි හිමියන් විසින් සංස්කරණය කරනු ලැබූ සංදේශ සන්කතන ශාස්ත්‍රීය සංග්‍රහය ද එළිදැක්විණ.

මෙම උත්සවයේදී කලාකරුවන්ද විශේෂ ඇගයීමකට ලක්කෙරුණු අතර පාසල් සිසුන් විසින් රචිත ග්‍රන්ථථ හතරක් ද දොරට වැඩීම සිදු විය.