”අපි නිසා යන්තම් 150න් බේරිල ඉන්නවා, යහපාලනේ තිබ්බනම් රටේ බාගයක් මැරිලා” – රෝහිත අබේගුණවර්ධන

318

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අපි දැක්කා ඔහු පහුගිය මැතිවරණ කාලෙත් ඖෂධ වර්ග ගැන නම් කියලා කියනවා.ඔහු එක සැරයක් කිව්වා මේ රටේ මිනිස්සුන්ට ප්ලැකනිල් කියලා බෙහෙතක් තියෙනවා,ඒක ගන්න කියලා.දැන් ඒ වගේම ආපහු සැරයක් ඔහු එක පාරටම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා වගේ.දැන් ආපහු බෙහෙත්වල නම් කියනවා.ඉතිං අපි කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට කරුණාකරලා තමුන්නාන්සෙ සහ තමුන්නාන්සෙලාගෙ ඔය පහුගිය යහපාලන රජයේ උන්නැහැලා ටික මේ වනවිට මේ රට පාලනය කරලා තිබුණා නම් විසාලා මහනුවරක් වෙලා ඉවරයි මේක.” යනුවෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටින්නේ ඊයේ (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමක් අමතමිනුයි.