අනිද්දා සිට බස් ධාවනය අඩු කරයි

411

අනිද්දා සිට බස් ධාවනය 50% කින් අඩු කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඇතැම් මාර්ග වල ධාවනය වන බස් සංඛ්‍යාව අඩු කිරීමත් ඇතැම් මාර්ගවල ධාවන වාර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමත් සිදුවන බවයි සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න කියාසිටියේ.

පොදු මගී ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවීමත් සමග සිදුවන පාඩුව අවම කරගැනීම මෙහි අරමුණ බව ද ඔහු සඳහන් කලා.

සිය තීරණයට සමගාමීව බස් කාලසටහන් සංශෝධනය කරන්නැයි බළධාරීන්ට දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

ceylon24/7