අද රෑ 10 සිට දවස් 10ක් රට ලොක්ඩවුන්!

306

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසනවා.

මේ අතර අත්‍යාවශ්‍ය සේවා මෙන්ම,ආයෝජන මණ්ඩලයට අයත් ඇගලුම් කර්මාන්තශාලා,කෘෂිකර්මාන්ත කටයුතු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුව ද පවත්වාගෙන යා හැකියි.

එමෙන්ම,ඔසුසැල් විවෘත කර තැබිය හැකි අතර,ඊට අමතර ව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු අදාළ කාලය තුළ බාධාවකින් තොර ව සිදුකරගෙන යා හැකි වනවා.