BREAKING NEWS
Search

අද රාත්‍රියේ ස්ථාන කිහිපයකට මි.මී 200 ඉක්මවු වැසි

161

අද (13) රාත්‍රියේ දිවයිනේ ස්ථාන කිහිපයකට මි.මී 200 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය සහ යාබඳ ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ හේතුවෙන් නිරිත දිග කොටසේ විශේෂයෙන් දකුණ,බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී.

අද උදෑසන 8.30 සිට ප.ව 4.30 දක්වා වු කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මි.මී 190ක් ලෙසය.