BREAKING NEWS
Search

අද මැදියම් රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල බසී

680

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසීයත් තුන්සීයත් අතර ගණනකින් පමණ ප්‍රමාණයකින් අඩුවෙන බව එම සමාගමේ ආරංචි මාර්ග පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ ඉකුත් ජූලි මාසයේ සිට ලිට්රෝ සමාගම ලාභ ලබමින් සිටින බවයි.ඒ් අනුව සිය සමාගමේ ණය ගෙවීම්ද මේ වන විට ආරම්භ කර ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.

ලිට්රෝ‍ ගෑස් මිල සංශෝධනය පිළිබඳ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (8) ඉදිපත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිනමිණට ඊයේ (7) පැවසීය.

ඒ අනුව අද (8) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු වන බවද මුදල් අමාත්‍යාංශයද තහවුරු කරයි.