අද මධ්‍යම ‍රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් – යුද හමුදාපති

503

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය තහනම් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා කියා සිටියේ,පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවන බවයි.

නමුත් කෘෂිකර්මය,වරාය,ඇගලුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ සීමා බලපැවැත්වෙන්නේ නැහැ.

එම ක්ෂේත්‍රවලට අදාළව සේවා ස්ථානවලට කැඳවන පිරිස් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට තීරණය කළ හැකි බව ද යුද හමුදාපතිවරයා පැවසී ය.

මේ අතර සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථානවල ගැවසීමට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට තහවුරුකළ කාඩ්පත අනිවාර්ය බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ ය.

ඔහු සඳහන් කළේ,එය තහවුරු කිරීම සඳහා පොදු ස්ථානවලදී අදාළ පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.