අද තරගයට වර්ෂාවෙන් බාධා?

222

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින්.

කෙසේ වෙතත් මේ වනවිට ආර් ප්‍රේමදාස පිටිය අවට ප්‍රදේශයේ පවතින්නේ වැසි බර කාලගුණයක්.අද උදෑසනත් එම ප්‍රදේශයට මද වැසි ඇද වැටුනා.

කාලගුණ වාර්තාව අනුවත් අද දිනයේ එම ප්‍රදේශයට වැසි ඇද වැටිය හැකි බව පුරෝකථනය කර තිබේ.

අද තරගයට බොහෝ විට ශ්‍රී ලංකාව වෙනස් නොවී ක්‍රීඩා කළ හැකි අතර, ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා වෙනුවට කේෂව් මහරාජ් දකුණු අප්‍රිකානු නායකත්වය දැරීමට නියමිතයි.