BREAKING NEWS
Search

අඩු බරින් උපන් බිළිඳෙකුගේ දිවි බේරා ගත් වෛද්‍ය මෙහෙයුම

91

යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ග්‍රෑම් හයසියයක අඩු බරින් උපන් දරුවෙකු දින අනූහතක දැඩි පරිශ්‍රමයක් දරමින් බේරාගැනීමට සමත් වී තිබේ.

යාපනය ශීක්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය බාර විශේෂඥ වෛද්‍ය දීපාල් නවරත්න ප්‍රමුඛ වෛද්‍ය හා රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මැද මෙම දරුවා සුවපත් තත්ත්වයට පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ

මාස හයක ගැබිනි කාන්තාවක් හදිසියේම අසනීප වී යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇගේ තත්ත්වය බරපතළ නිසා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා තිබෙනවා

ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙන අතර ප්‍රසූත කළ දරුවා ග්‍රෑම් හයසියයක අඩු බරින් යුතු වීම හේතුවෙන් දින අනූ හතක කාලයක් යාපනය ශීක්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණු අතර දරුවාගේ බර පසුගියදා සුවය ලබා නිවෙසට යනවිට කිලෝග්‍රෑම් 1.6ක පමණ අගයක් ගෙන තිබුනා

ගර්භණී කාත්තාවක දරුවකු ප්‍රසූත කිරීමේ කාලය සති 35ක් වුවත් මෙම කාන්තාව දරුවා ප්‍රසූත කර ඇත්තේ සති 24 ක කාලයකින්වි

ශේෂඥ වෛද්‍ය දීපාල් නවරත්න මහතා සඳහන් කරන්නේ එම දරුවා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි