අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක්

ByPasindu

Jan 17, 2023

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් වී හැකි පවුල් සඳහා මේ වසරේ ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත් මාස පහක් ඉදිරියට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ද එම මුදල් සහනය ලබාදීමට නියමිතය.

අද (17) පැවති කැබිනටි තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.