BREAKING NEWS
Search

අටළුගම කොවිඩ් ආසාදිතයෙක් PHIගේ මුහුණට කෙළ ගසයි

309

අටලුගම ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදිතයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරයට බාධා කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

“බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ රාජකාරී කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධාකිරීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොවිඩ් වෛරසය ආසාදිත වූ රෝගියෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යාමේ දී මෙම සිදුවීම සිදු වූ බවට තොරතුරු වාර්තා වෙනවා.අදාළ රෝගියා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේ දී මහජන සෞඛය පරීක්ෂකවරයාගෙන් මුහුණට කෙළ ගැසීමක් වාර්තා වෙනවා.සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පුළුල්ල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.රාජකාරියට බාධා කිරීම හා ප්‍රතිකාර සඳහා යෑම ප්‍රතික්ෂේප කිරිම මේ රටට ද්‍රෝහීකමක් ලෙස හඳුන්වන්න පුළුවන්.”