අටලුගම, අකුරණ හා බේරුවල අඩි පාරක ගියොත් ඇප නෑ – කෙලින්ම හිරේට..!

305

මේ වන විට හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති අටලුගම, බේරුවල හා අකුරණ යන ප්‍ර දේශවල අතුරුමාර්ග, අඩිපාරවල් ඔස්සේ වුවද ගමන් ගන්නා හෝ මහජන හමුවීම් හිදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබාදීමක්ද සිදුනොකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා සිටියි.

මේ අතර අටළුගම ගම්මානයේ ඇතැමුන් බොල්ගොඩ ගඟ හරහා පැමිණ අනෙක් ගම්මාන වල සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ.

මේ හේතුවෙන් අටළුගම ආසන්නයෙන් බොල්ගොඩ ගඟ හරහා ආරක්ෂක අංශ විසින් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇත.