අගලවත්ත ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් හා පාලින්ද නුවර එක් ග්‍රාම නිලධාරී වසමක් මේ මොහොතේ සිට හුදකලා ගම්මාන බවට පත්කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව හුදකලා ගම්මාන බවට පත්කර ඇත්තේ අගලවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගොරොක්ගොඩ, බේරගම, අගලවත්ත, දාබිලිගොඩ, කැකුලන්දල උතුර හා පාලින්ද නුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ වෙල්ලන ග්‍රාම නිලධාරී වසම් බව සඳහන්.